D. L. & F. De Saram

කොවිඩ් 19 සහ ශ්රී ලංකාවේ සේවායෝජකයන්හට ඇති ඇතැම් අභියෝග

කොවිඩ් 19 සහ ශ්රී ලංකාවේ සේවායෝජකයන්හට ඇති ඇතැම් අභියෝග

By:

රට වසා තැබීම, ඇඳිරි නීතීය සහ ව්යාපාර කටයුතු නැවතීමේ ප්රතිඵලයක් වශයෙන් ආදායම් ඉපයීම නතරවීම තුලින් අනාගතයේදී ඇතිවිය හැකි වෙළඳපොල පහලයාම පුරෝකථනය කරමින් ඉදිරියේදී ඉතා ඉක්මනින් කිසිසේත්ම උද්යෝගීමත් නොවන ගෝලීය හා දේශීය ආර්ථික ක්රියා පිළිවෙලට මුහුණ දීමට සිදු වනු ඇත. සේවායෝජකයන් විසින් ඔවුන් ඉදිරියේ ඇති අභියෝග රාශියකට එහි රැකියා ශ්රම බලකාය පෝෂණය කිරීමද ඇතුළත්ව මුහුණදීමේ කාර්යය වන බියජනක හා සිදුකළ නොහැකි, සර්වාකාර ව්යාපාරික අංශයන්ට මුහුණ දෙමින් සිටී.

ශ්රී ලංකාවේ සේවා නියුක්ත නීතිය, බොහෝ දියුණු වෙමින් පවතින රටවල බිහිවෙමින් පවතින වෙළඳපොලවල් මෙන්ම, සේවකයාට පක්ෂපාතී වේ.

මූලික නෛතික ප්රතිපත්තිය වන්නේ ප්රකාශිත හෝ ව්යංග හෝ මේවනවිටත් ගිවිසගෙන ඇති සේවා කොන්දේසියක් සේවකයාට මොනයම්ම වූ ආකාරයකින් අවාසිදායක වන පරිදි සේවකයාගේ හෝ කම්කරු කොමසාරිස්වරයාගේ ප්රකාශිත කැමැත්ත රහිතව සේවය වෙනස් කිරීමක් හෝ විචලනය කිරීමක් කල නොහැකි අතර සේවකයාගේ හෝ කම්කරු කොමසාරිස්වරයාගේ ප්රකාශිත කැමැත්ත රහිතව සේවය අවසාන කිරීම විනය හේතු මත පමණක් (නීතියෙන් නියම කරනලද රක්ෂාව අහිමි වීම වෙනුවෙන් වන්දි ගෙවා සේවක කප්පාදුව, අතිරික්ත සේවකයන් ඉවත් කිරීම හා සේවා අවසානය පරිදි) දඬුවමක් ලෙස සිදු කිරීමට අවසර ඇත.

මේ අනුව කොවිඩ් 19 වසන්ගතයත් සමඟ මුහුණපා ඇති අවාසනාවන්ත තත්වය වැනි සුවිශේෂී හෝ අනපේක්ෂිත තත්වයක් හේතුකොටගෙන සේවයෙන් නිවාඩු යැවීම , ගෙවීම් කපාහැරිම, සේවය අවසන් කිරීම වැනිදෑ සඳහා වෙනත් කිසිදු නීතියක් හෝ නීතිමය ප්රතිපාදනයක් යටතේ ඉඩ නොදෙන අතර සඳහන් කරනලද නීතිමය ප්රතිපාදන පරාමිතිය තුළ සේවයෝජකයන්ට අත්යාවශයෙන්ම කටයුතු කිරීමට සිදුවන නමුත් වර්තමාන සන්දර්භය තුළ සීමිත බව පෙනී යයි.

විවිධ කොවිඩ් 19 කාර්යසාධක බලකායන් හරහා මේ දක්වා ක්රියාත්මක කරනලද රාජ්ය ප්රතිපත්ති මඟින් සේවයෝජකයන්ගේ ව්යාපාර නොකඩවා පවත්වාගෙන යාම සඳහා අවශ්ය සහය ලබාදීමේ අවශ්යතාවය හඳුනාගෙන ඇති බව පෙනී යයි. මෙම තත්වය තුළ කම්කරු කොමසාරිස්වරයා විසින් නීතිය ක්රියාත්මක කිරීමේදී යුක්තිසහගත හා සාධාරණ ප්රතිපත්තීන් අනුගමනය කරමින් සේවයෝජකයාට සමගාමීව සුවිශේෂී හා බරපතල තත්වයන් සලකා බලමින් සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කම්කරු කොමසාරිස්වරයා විසින් සේවායෝජකයා විසින් ඒකපාර්ශවිකව සේවා ගිවිසුමේ කොන්දේසි අඩපණ කිරීම පදනම් කරගනිමින් සහ ගෙවීම් කපාහැරීම සිදු කිරීම සඳහාද කම්කරු කොමසාරිස්වරයා විසින් තීරණය කිරීම එවැනි තීරණ බැලූ බැල්මට අසද්භාවී වන විටක හෝ එවැන්නක් සිදු කිරීමට නීතිය මඟින් අවස්ථාවක් නැති වුවද වඩාත් සහනදායි පිළිවෙතක් වඩාත් සුදුසු වන අවස්ථාවකදී හැර බොහෝ දුරට සිදු නොවනු ඇත.

ඉහත දක්වනලද සාමාන්ය නීතිය සේවකයන් කප්පාදුව, අතිරික්ත සේවකයන් ඉවත් කිරීම සහ සේවා අවසානය යන පදනම් මත සේවය අවසාන කිරීම සඳහා අවශ්ය වන්දි ප්රදානය හා සේවකයාගේ හෝ කම්කරු කොමසාරිස්වරයාගේ කැමැත්ත අත්යාවශ්ය වනු ඇත. සේවායෝජකයා විසින් සේවය අවසන් කිරීම සඳහා ඉල්ලීමේදී සාධාරණ හා යුක්තිසහගත නීති ප්රතිපත්තීන් අදාල කිරීමට අභිමතය පැවතියද ඒ සමඟ කම්කරු කොමසාරිස්වරයාට ප්රධානය කළයුතු වන්දි අත්හිටුවීමට හෝ වෙනස් කිරීමට අභිමතය හෝ බලය නොමැත. මේ තත්වය යටතේ සේවයෝජකයන් විසින් කෙටි කාලීනව “මිශ්ර ආකෘතියක් ” සේවය අවසන් කිරීම සඳහා සහ විධිමත් පදනමක් මත ගෙවීම් කපාහැරීම සලකා බැලිය හැක.

ශ්රී ලංකාවේ නීතිය සේවකයන් නිවාඩු යැවීම යන සංකල්පය සම්බන්ධයෙන් නිහඬ වන අතරම ප්රයෝගිකව සාමාන්යයෙන් යොදා නොගනී. කෙසේ වුවද පවතින කොවිඩ් 19 තත්වය යටතේ සේවායෝජකයා විසින් එවැනි විකල්පයක් වෙත යාමේ හැකියාව නොසොයා සිටීම යැයි සිතීම අපට බැහැර කළ නොහැකි අතර එම සහනය බොහෝදුරට ප්රතික්ෂේප නොකෙරෙනු ඇත.

තවද සේවයෝජකයන්ට එකතුවූ නව අභියෝග හඳුනා ගනිමින් නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්යංශය, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා ඇමති ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ මූලිකත්වයෙන් කොවිඩ් 19 ව්යාප්තිය වැළැක්වීම සඳහා විශේෂ කාර්ය බලකායක් පත්කොට ඇත. ලංකා සේව්ය සම්මේලනය හා වෘත්තීය සමිති නියෝජිතයන්, බලකායේ මූලික අංගයක් වශයෙන් අමාත්යංශය මේ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් ව්යාපාර ආරම්භකොට පවත්වාගෙන යාමට අදහස් කරමින් ගතයුතු ක්රියාමාර්ගය පිළිබඳව සියලු රාජකාරි ස්ථාන වලට කමිටුවක් පත් කරගන්නා ලෙස ඉල්ලා ඇත.

කොමසාරිස්වරයා විසින් නීතිය අදාල කිරීමේදී කොවිඩ් 19 මඟින් වානිජ්යයට ඇති ඉතාම දැඩි බලපෑම සලකා බැලීමෙන් කොමසාරිස්වරයා විසින් සාධාරණ හා යුක්තිසහගත ප්රතිපත්ති වලට අනුගත වෙමින් නොවැළක්වියහැකි ගෝලීය අවපාතය සමඟ මේවනවිටත් අනතුරේ වැටී ඇති ව්යාපාර ආරක්ෂා කිරීමට සම්පත්දායක ලෙස නීතිය ක්රියාත්මක කිරීම බලාපොරොත්තුවේ.

Share:

Consult Our Experts

Our expert team of partners and leading lawyers offer services across extensive practice areas and ensure our clients receive optimal legal advice. They have the capacity to handle everything from intricate cases to crucial disputes, providing top-tier solutions with unwavering dedication and expertise.

Privacy Overview

This website uses cookies so that we can provide you with the best user experience possible. Cookie information is stored in your browser and performs functions such as recognising you when you return to our website and helping our team to understand which sections of the website you find most interesting and useful.