| අංකය | අයිතමය ආයතන වර්ගය |
ආයතන වර්ගය 1 සීමාසහිත සමාගම |
ආයතන වර්ගය 2 ශාඛා කාර්යාලය/විදේශ සමාගම් |
|---|---|---|---|
| 1 | විදේශීය අයිතියේ සීමා කිරීම් | කාණ්ඩ වශයෙන් සලකන විට සීමා කිරීම් ඇත. උදා: නැව්ගත කිරීමේදී සහ නැව්බඩු ප‍්‍රවාහනයේදී විදේශිය අයිතිය 40%කට සීමාකර ඇත. කෙසේ වෙතත්, ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1ක අවම ආයෝජනයක් සිදුකර තිබේනම් පමණක් (කොටස් ප‍්‍රමාණය නොතකා) සිල්ලර වෙළදාමෙහි නියුතු සීමාසහිත සමාගම්වලට විදේශ කොටස් දැරීමට අවසර ලබා දෙනු ඇත. වෙනත් අවම ප‍්‍රාග්ධන අවශ්‍යතාවයන් කිසිවක් නොමැත. |
කිසියම් ශාඛාවක් ඇ.එ.ජ.ඩො.200,000ක ප‍්‍රමාණයක් ආයෝජනය කරනු ලබන්නේ නම් විදේශීය ආයතනය කිසි සීමා කිරීමකින් තොරව ශ්‍රී‍්‍ර ලංකාව තුල ශාඛා කාර්යාලයක් පිහිටුවීමට හැකිය. කෙසේ වෙතත් එම ශාඛාව ශ්‍රී‍්‍ර ලංකාව තුල සිල්ලර වෙළදාමෙහි නිරත වීමට අදහස් කරන්නේ නම් එවිට ඇ.එ.ජ.ඩො.200,000ක තවදුර ආයෝජනයක් පරේශනය කළ යුතුය. වෙනත් අවම ප‍්‍රාග්ධන අවශ්‍යතාවයන් කිසිවක් නැත. සීමාසහිත සමාගම්වල මෙන්, විදේශීය ආයතනය සුරැකුම්පත් ආයෝජන ගිණුමක් (SIA) පිහිටුවා එහි ආයෝජනය SIA මාර්ගයෙන් ශාඛාවට පරේශනය කළ යුතුය. |
| 2 | අවම/උපරිම කොටස්කරුවන් සංඛ්‍යාව | අවම – කොටස්කරුවන් 1 උපරිම – කොටස්කරුවන් 50 | ශාඛාව (සමාගමක් හෝ පුද්ගල මණ්ඩලයක් නොවේ) එබැවින් එයට කොටස් ප‍්‍රාග්ධනයක් නැත. |
| 3 | මූල්‍ය වාර්තා | සීමාසහිත සමාගම්වල මූල්‍ය වාර්තා සෑම වර්ෂයක් පාසාම සමාගම් රෙජිස්ට‍්‍රාර් වෙත ගොනු කළ යුතුය | මවු සමාගමේ වාර්ෂික මූල්‍ය වාර්තා සහ ශාඛා කාර්යාලයෙහි සමූහ මූල්‍ය වාර්තා වාර්ෂිකව සමාගම් රෙජිස්ට‍්‍රාර් වෙත ගොනු කළ යුතුය. |
| 4 |
|
|
|
| 5 | අධ්‍යක්ෂකවරුන් / සමාගම් ලේකම්වරුන් / නෛතික නියෝජිතයින් සඳහා ප‍්‍රාදේශික නේවාසික අවශ්‍යතාවයන් | අධ්‍යක්ෂකවරු ශ්‍රී‍්‍ර ලංකාව තුල පදිංචි වී සිටිය යුතු නැත. සමාගම් ලේකම්වරු ශ්‍රී‍්‍ර ලංකාව තුල වාසය කළ යුතුය. නෛතික නියෝජිතයින් (ඉහත කී පරිදි පත් කරනු ලැබුවහොත්) ශ්‍රී‍්‍ර ලංකාව තුල පදිංචි වී සිටිය යුතුය |
ශාඛාව සංස්ථාපිත ආයතනයක් නොවන බැවින් අධ්‍යක්ෂකවරුන් / සමාගම් ලේකම්වරුන් අදාල නොවේ. යථා පරිදි පත් කරන ලද ඇටෝර්නි බලකරු (ඇටෝර්නි බලපත‍්‍රයක් මගින් පත් කරන ලද) ශ්‍රී‍්‍ර ලංකාව තුල වාසය කල යුතුය. |
| 6 | වාර්ෂික වාර්තාකරණ වගකීම් (උදා – වාර්ෂික වාර්තා ගොනු කිරීම ආදිය) | සීමාසහිත සමාගම්වල කොටස්කරුවන්ට වාර්ෂික වාර්තාව චක‍්‍රගත කිරීම. සමාගම් රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තුවෙහි මූල්‍ය වාර්තා සහ වාර්ෂික වාර්තා ගොනු කිරීම. |
මවු සමාගමෙහි වාර්ෂික මූල්‍ය වාර්තා සමාගම් රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තුවෙහි ගොනු කළ යුතුය. |
| 7 | (භෞතික)ව්‍යාපාරික ස්ථාන | භෞතික වශයෙන් ව්‍යාපාරික ස්ථානයක් අවශ්‍යව ඇති අතර සීමාසහිත සමාගමට සිය සමාගම් ලේකම්ගේ කාර්යාල ලිපිනය භාවිතා කළ හැකිය. තහවුරු කිරීමේ ලියකියවිලි අවශ්‍ය නැත. | ශි‍්‍ර ලංකාවෙහි ව්‍යාපාරික ස්ථානය ශාඛා කාර්යාලය ලියාපදිංචි කරන අවස්ථාවේදී ලබාදිය යුතුය. |
| 8 | විදේශ සමාගමකින් (හෝ ශාඛාවකින්) සීමාසහිත සමාගමකට පරිවර්තනය කිරීම පිළිබඳ රෙගුලාසිය | අදාල නොවේ. | ශාඛාව සීමාසහිත සමාගමකට පරිවර්තනය කළ නොහැක. |
- Home
- About Us
- Practice Areas
- Foreign Investment
- Banking & Finance
- Capital Markets & Securities
- Mergers and Acquisitions
- Competition and Antitrust
- Infrastructure Development
- Construction
- Real Estate
- Labour, Employment and Immigration
- Restructuring and Insolvency
- Intellectual Property
- Information Technology
- Admiralty and Shipping
- Litigation and Dispute Resolution
- Tax
- Family Law and Testamentary
- Company Secretaries
- People
- Corporate Advisory
- Law Resources



